Sports07 May 2013

කිංග්ස් ඉලෙවන් පන්ජාබ්ට ජයක්.



ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙන් කඩුලූ 6ක ජයක් ලැබීමට පන්ජාබ් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලොර් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තා. එහිදී ක්‍රිස් ගේල් පන්දු 33කදී ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් එල්ල කරමින්. කෙසේ වුවත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම පන්දු වාර 18ක් අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 194ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

 [MP3]s58488[/MP3]

Related recommendation
Hiru TV News | Programmes