Business07 May 2013

බොරතෙල් ගන්න අසර්බයිජානය සමග සාකච්ජා.



අසර්බයිජානයෙන් බොරතෙල් ආනයනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍ය එල්මාර් මාමඩියාරෝව් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් ඊයේ (06) පැවැත්වුණා. අසර්බයිජාන විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් සාකච්ජා කර ඉදිරියේදී තීරණයකට එළැඹීමට සූදානම් බවයි. ඉරානයට ඉන්ධන අපනයනය සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක නිසා සංවර්ධනය වන කුඩා රටවල් දුෂ්කරතාවන්ට මුහුණපාන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එම නිසා විකල්ප තෙල් සැපයුම් මාර්ග හඳුනා ගැනීමෙන් ශ්‍රී ලංකාව මත පැටවී ඇති බර ලිහිල් කරගත හැකි බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අසර්බයිජාන විදේශ අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes