Sports08 May 2013

ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයන් 8 දෙනෙකු මැකාවෝ තරගාවලියට.

ක්‍රීඩා ඉසව් 8 ක් නියෝජනය කරමින් ශ්‍රී ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු චීනයේ මැකාවෝහි පැවැත්වෙන මැකාවෝ ආරාධිත මළල ක්‍රීඩා ශූරතාවලි තරගය සඳහා සහභාගි වන බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය පවසනවා. ඔවුන් අද (08) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. එම තරගාවලිය ලබන 12 සහ 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 1500, මීටර් 110 කඩුලූ පැනීම සහ දුරපැනීම ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes