Sports08 May 2013

ඔටෝ මොබයිල් සංගමයට අතුරු පාලක කමිටුවක්.



ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය සඳහා  අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ, මෙම වසරේ පැවති නිලවරණයෙන් එම සංගමයට පත්වූ නිලධාරී මණ්ඩලය නීත්‍යානුකූල නොවන බවට එම කටයුතු සොයාබැලීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ මූලිකත්වයෙන් පත් කළ පරීක්ෂණ කමිටුව කළ නිර්දේශය සළකා බලමින්. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද පත් කළ පස්දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස නවාස් ෆවුසි නම්කර ඇති අතර එහි ලේකම්වරයා ලෙස චූලා රත්වත්ත කටයුතු කරනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes