Sports08 May 2013

ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.

තායිලන්තයේ - චොන්බූරි හිදී පැවැත්වෙන ආසියානු ග්‍රෝන් ප්‍රී මළල ක්‍රීඩා තරඟාවලියේ දෙවන අදියරයේදී හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට නදීකා ලක්මාලි අද සමත් වුණා. ඒ, මීටර 55 යි දශම 99ක් දුරට හෙල්ල විසිකරමින්. මීට 800 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය  ඩබ්ලිව්.කේ.එල්.ඒ. නිමාලි හිමිකරගත්තා. ඒ, විනාඩි 2 යි තත්පර 7 දශම 8 ක කාලයකින් තරඟය නිම කරමින්. එම ඉසව්වේ තුන්වැනි තැන දිනාගත්තේ ශ්‍රී ලංකාවේ ශානිකා සමන්මලී. මේ අතර මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ කසුන් කල්හාර එම තරඟයේ දෙවැනි ස්ථානයට පත්වුණා. ආසියානු ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරඟාවලියේ අවසන් අදියර මේ මස 12 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes