Business09 May 2013

සහල් මිල ඉහළට.

දේශීය වෙළඳ පොලේ සහල් තොග මිල මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කළේ රුපියල් 54 ත් 55 ත් අතර මිලක පැවති තම්බපු නාඩු සහල් කිලෝග්‍රෑමය රුපියල් 58 දක්වා ඉහළ ගොස් ඇති බවයි. රුපියල් 70 ත් 72 ත් අතර පැවති සම්බා සහල් කිලෝග්‍රෑමය රුපියල් 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වී වැඩි මිලට මිලදී ගැනීමට සිදුවීම මීට හේතුවී ඇති බවයි වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මීට අමතරව සහල් නිෂ්පාදන කටයුතුවලට යොදාගන්නා අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් මීට හේතුවී ඇති බව සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes