International11 May 2013

වායුගෝලයේ අංගාරිකාම්ල තීරණාත්මක සීමාවකට.

පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප්‍රතිශතය ප්‍රථම වරට කොටස් මිලියනයකට 400 යේ සීමාව ඉක්මවා තිබෙනවා. හවායි දිවයිනේ මව්නා ලෝවා ගිනිකන්ද මුදුනේ සවි කර ඇති මාපක මගින් ලබාගත් දත්ත අනුවයි ඇමරිකානු විද්‍යාඥයන් මේ බව ප්‍රකාශ කළේ. මීට පෙර පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප්‍රතිශතය කොටස් මිලියනයකට හාරසියයේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ මීට වසර මිලියන 5කට පෙර, එනම් නූතන මිනිසා බිහි වීමට පෙරයි. හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඞ් මිහිතලය උණුසුම්වීමට ද හේතුවක්. 

Related recommendation
Hiru TV News | Programmes