පාකිස්තානයේ තීරණාත්මක මහ මැතිවරණය අද.

Saturday, 11 May 2013 - 8:10

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

සිවිල් රජයක් සිය නිළ කාලය සම්පූර්ණ කර ප්‍රථම වරට තවත් සිවිල් රජයකට බලය පැවරීම සඳහා උත්සාහ කරන පාකිස්තාන මහ මැතිවරණය අද (11) පැවැත්වෙනවා. ලොව ඉතා සංකීර්ණතම දේශපාලන වාතාවරණයක් පවතින රටක් ලෙස සැලකෙන පාකිස්තානයේ ඉතිහාසයෙන් අඩක්ම එරට පාලනය කළේ හමුදා රජයන්. පැතිර පවත්නා දූෂණය, ජාත්‍යන්තර මැදිහත්වීම්, ත්‍රස්තවාදය සහ ආගමික අන්තවාදය, ජනගහනය, උද්ධමනය, දුප්පත්කම, විරැකියාව ඇතුළු ගැටළු රැසකට මුහුණ දී සිටින පාකිස්තානය ලොව වඩාත් අස්ථාවර න්‍යෂ්ටික බලවතෙකු ලෙසයි බටහිර මාධ්‍ය හදුන්වන්නේ. පාකිස්තාන මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව මිලියන 86ක් පාකිස්තානුවන් අද (11) ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර, කාන්තා අපේක්ෂකත්වය ද මෙවර මැතිවරණයේ දී දෙගුණයක් වී තිබෙනවා. පාකිස්තාන මහජන පක්ෂය මෙවර ද තවදුරටත් බලය පවත්වාගෙන යාම සදහා තරග කරන අතර, ඔවුන්ට ප්‍රධාන අභියෝගය වන්නේ නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයයි. ප්‍රවීන ක්‍රීඩක ඉම්රාන් ඛාන් ද පාකිස්තානයේ දේශපාලන බලය සඳහා මහමැතිවරණයේ දී තරග වදිනවා. මෙවර පාකිස්තාන මහමැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රචණ්ඩ සිද්ධින් රැසකට මුහුණ දුන් අතර අප්‍රේල් මස මැද භාගයේ සිට ඇති වූ එවැනි සිද්ධීන් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 127ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories