Business13 May 2013

අම්බලන්තොට - බැරගම ගොවීන් මේ කන්නෙත් අමාරුවේ.



තම වී අස්වැන්න රජය නියම කළ සහතික මිලට විකුණාගත නොහැකිවීමෙන් තමන් දුෂ්කරතාවයට පත්ව ඇතැයි අම්බලන්තොට - බැරගම ගොවීන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් සඳහන් කළේ මුදල් නොමැති බව පවසමින් වී අලෙවි මණ්ඩලය තම වී තොග මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි. මේ හේතුවෙන් මීළඟ කන්නයේ වී වගා කිරීමේ කටයුතුද ඇණහිට ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.  කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ දෙහිගහලන්ද වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ වී මිලදීගැනීම සිදුකරන බවයි.

Related recommendation
Hiru TV News | Programmes