Sports13 May 2013

තව හිතන්න තිබුණා. මුෂ්ෆිකර් රහීම්


කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීම අත්වැරදීමකින් සිදුවූවක් බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම් පවසනවා. අවසන් වරට පැවති බංග්ලාදේශ - සිම්බාබ්වේ එක්දින තරඟාවලිය බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්වුණා. එම පරාජයත් සමග කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් තීරණය කළා. කෙසේ වුවත් ඊයේ සිම්බාබ්වේ සමග පැවති විස්සයි විස්ස තරඟය බංග්ලාදේශ කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමගයි මුෂ්ෆිකර් රහීම් මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මෙම තත්ත්වය මත තමා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය ගැන පසුතැවෙන බව ඔහු සඳහන් කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes