Business13 May 2013

දකුණු කොරියාව තවදුරටත් අතදෙන්න සූදානම්.

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සිදුකරන ආයෝජනයන් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව දකුණු කොරියාව පවසනවා. ඇඟළුම්, ෆයිබර්, ගෘහ භාණ්ඩ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා වැඩිකිරීමටයි දකුණු කොරියාව තීරණය කර ඇත්තේ. මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ දකුණු කොරියානු ආයෝජන ව්‍යාපෘති 116 ක් පමණ ක්‍රියාත්මකයි. දැනට සිදුකර ඇති ආයෝජනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රවලයි. මීට අමතරව ඉදිරි කාල සීමාව තුළ කොරියාවේ රැකියා අවස්ථා සඳහා  ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමද තවදුරටත් පුළුල් කරන බව දකුණු කොරියාව තවදුරටත් සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes