International14 May 2013

ඉන්දුනීසියාවේ පතලක 30 ක් සිරවේ.

නැගෙනහිර ඉන්දුනීසියාවේ රත්‍රං සහ තඹ පතලක උමඟක් කඩා වැටීමෙන් එහි සේවය කළ කම්කරුවන් තිස් දෙනෙකුට අධික පිරිසක් එහි සිරවී තිබෙනවා. ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම පතලේ සිරවූ සේවකයන් බේරාගැනීම සඳහා ගළවාගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ අදාළ කම්කරුවන් මේ වනවිට ජීවත්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි. කෙසේ වෙතත් සිරවී ඇති කම්කරුවන් බේරාගැනීම සඳහා තවත් දිගුකාලයක් ගතවනු ඇති බවටයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes