International17 May 2013

සිරියාවේ රසායනික අවි ඇතැයි ඔබාමා කියයි.

සිරියාවේ රසායනික අවි භාවිත කරන බවට තමන් වෙත සාක්ෂි ලැබී ඇති බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. තුර්කි අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකදී ඔහු සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බවයි. පසුගිය දා දකුණුදිග සිරියාවේ වැසියෙකු බී.බී.සී. ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබුණේ සිරියානු රජය විසින් විෂ සහිත වායු යොදාගෙන තම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත්, සිරියානු රජය මෙම  චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

Related recommendation
Hiru TV News | Programmes