අයි.පී.එල් තරඟ පාවාදීම් සහ ඔට්ටු තැබීමේ ජාලය පිලිබඳ පරීක්ෂණ සඳහා දිල්ලි පොලිසියේ විශේෂ කණ්ඩායමක් මුම්බායි, අහමෙදාබාද්, හයිද්‍රාබාද් සහ කොල්කටා නගරවල දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දිල්ලි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුවයි මෙම පරීක්ෂණ සිදුකෙරෙන්නේ. මේ අතර, දිල්ලි පොලිස් කොමසාරිස්වරයා කියා සිටියේ අයි.පී.එල් තරග පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීශාන්ත්, අජිත් චන්ඩිලා සහ අන්කීඞ් චවාන් ප්‍රශ්න කිරීම්වලදී සිය වරද පිළිගත් බවයි. එහෙත්, ඔවුන්ගේ ප්‍රකාශයන් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ලබා ගත් ඒවා නොවන නිසා නඩු විභාගයේ සාක්ෂියක් ලෙස යොදා නොගැනෙනු ඇති. පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් දිල්ලි පොලිසිය ප්‍රකාශ කළේ ස්රීසාන්ත් සහ චවාන් ඉන්දීය රුපියල් හතලිස් ලක්ෂයේ සිට හැට ලක්ෂය දක්වා මුදලක් ඔට්ටු තැබීමේ ජාවාරම්කරුවන් වෙතින් ලබා ගෙන ඇති බවයි. ශ්‍රීශාන්ත් ඇතුලූ කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා රාජස්ථාන් - මුම්බායි තරගයෙන් පසු දිල්ලි පොලිසිය මැදියම් රැයේ ඔවුන් ලූහුබැඳ සමාජ ශාලාවකට ගිය ගමන පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී එන්.සිරිනිවාසන් ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩකයන් වැරදිකරුවන් වුවහොත්, දැඩි දඬුවම් පමුණුවන බවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
Latest News
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ