General18 May 2013

විදුලි වර්ජනයට දකුණු පෞද්ගලික බස් එක් නොවේ.

වැඩි වූ විදුලිබිලට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වෙන සංකේත වැඩවර්ජනයට එක් නොවන බව දකුණු පළාත් මගී ප්‍රවාහන බස් සමාගම සඳහන් කරනවා. අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සිය ස්ථාවරය හෙළි කළේ එම සංගමයේ සභාපති ඒ.කේ.එච්.හල්පගේ විසින්.

 

[MP3]s59202[/MP3]

 

කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය මෙම වැඩවර්ජනයට සහභාගි වන බවට ප්‍රකාශ කර තිබූ අතර ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ඊට එක්වීම පිළිබඳව මෙතෙක් තීරණය කර නැහැ.

Related recommendation
Hiru TV News | Programmes