General19 May 2013

අතුරුදන් වූ නාවික සෙබලාගේ සිරුර සොයා ගැනේ.



බම්බලපිටිය මුහුදු තීරයේදී ඊයේ අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිට අතුරුදන් වූ නාවිකයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා. ගාලූමුවදොර දී පැවති විජයග්‍රහණයේ සිව් වන සැමරුම් උළෙල සඳහා එක්කිරීමට තිබූ මෙම යාත්‍රාව ඊයේ දහවල් අනතුරට පත්වීමෙන් එහි සිටි නාවිකයින් 4 දෙනෙකු මුහුදට වැටුණු අතර ඉන් 3 දෙනෙකු පසුව බේරා ගැණුනා. අද සිරුර හමුවී ඇත්තේ අතුරුදන්ව සිටි අනෙක් නාවික සෙබලාගේයි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes