දැදුරුඔයේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අද (19) ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ පල්ලම - වතුපොළ ප්‍රදේශයේ පදිංචි 22 සහ 18 යන වයසේ පසුවූ තරුණයින් දෙදෙනෙක්. මොවුන් සිය දෙමාපියන් සමග දිය නෑමට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.
මේ අතර, අරලගංවිල - කන්දකාඩුව ප්‍රදේශයෙන් මහවැලි ගෙඟ් දිය නෑමට ගිය අවුරුදු 18ක් සහ 12ක් වයසැති පිරිමි ළමයින් දෙදෙනෙකුට ද ඊයේ (18) සිය ජීවිතයෙන් සමුගත්තා. කටුගස්තොට - දොඹගම්මන සහ උල්හදුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් මෙම අනතුරට ලක්වුණේ තම ඥාතීන් සමග වන්දනා චාරිකාවකට සහභාගිවෙමින් සිටියදියි.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ දිවයිනේ බොහෝ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ජලාශ සහ ගංගාවලින් දියනෑමේදී සහ ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ උප සභාපති, සහකාර පොලිස් අධිකාරි එච්.එච්. චූලසිරි කියා සිටියේ.
[MP3]s59278[/MP3]
Latest News
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව