General19 May 2013

බංග්ලාදේශ ජාතිකයින් 61 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරේ.



බූස්ස කඳවුරේ රදවා සිටි බංග්ලාදේශ ජාතිකයන් 61 දෙනෙකු අද (19) සිය රටට පිටුවහල් කර තිබෙනවා. මොවුන් නීතිවිරෝධී ලෙස කුඩා යාත්‍රා දෙකකින් මැලේසියාවට යාත්‍රා කරමින් සිටියදී නාවික හමුදාව විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඔවුන් ගමන් ගත් යාත්‍රාවන් ඔලූවිල් මුහුදේ කාර්මික දෝෂයට ලක්ව තිබියදීයි. මෙලෙස පිටුවහල් කළ බංග්ලාදේශ ජාතිකයින් අතර කාන්තාවන් ද සිටින බවයි වාර්තා වන්නේ. මිහින්ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම බංග්ලාදේශ ජාතිකයින් 61 දෙනා අද (19) සිය රටට යැවූ බව සදහන්.

Related recommendation
Hiru TV News | Programmes