Sports20 May 2013

අයි පී එල් මූලික වටයේ අවසන් තරඟ නිමාවෙයි.



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ඊයේ දිනයේදී තවත් තරඟ දෙකක් නිමාවට පත්වුණා. සමස්ත තරඟමාලාවේ මූලික වටයේ අවසන් තරඟ වට දෙකයි ඊයේ මෙලෙස නිමාවට පත්වුණේ. ඉන් පළමු තරඟය පැවැත්වුණේ පූනේ වොරියර්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් පූනේ වොරියර්ස් කණ්ඩායම ලකුණු 38කින් ජයග්‍රහණය කළා. පූනේ වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 134 ක් පමණයි. ඉන් අනතුරුව පැවතියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලූ 5 කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පිටියට පිවිසි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 130 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 17 යි පන්දු 5 කදී කඩුලූ 5 ක් දැවී සිය තරඟය ජයග්‍රහණය කළා. 

Related recommendation
Hiru TV News | Programmes