අයි පී එල් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් හිටපු පළමු පෙළ ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළු තවත් තුන්දෙනෙකු දිල්ලි පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්දියාවේ රන්ජි කුසලාන තරඟ සඳහා ක්‍රීඩා කළ මනීෂ් ගුඬේවර් නැමති ක්‍රීඩකයාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තරඟ පාවාදීම් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන අජිඞ් චන්ඩිලා ගේ මිතුරෙකු බව සඳහන්. චන්ඩිලා බුකිකරුවන්ට හඳුන්වා දී ඇත්තේ මොහු විසින් බව ඉන්දීය වාර්තා සඳහන් කළා. තරඟ පාවාදීම් සංවිධාන කරන සුනිල් බාටියා නැමති පුද්ගයෙකු සහ කිරාන් ඩෝල් නැමති බුකිකරුද ඊයේ මෙලෙස අත්අඩංගුවට ගැනුනා. තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ටෙස්ට් ක්‍රීඩක ශ්‍රීසාන්ත්, චවාන් සහ චන්ඩිලා මේ වනවිට පොලිස් රක්ෂිතයේ පසුවනවා. ඔවුන් අද දිල්ලි අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර එහිදී ශ්‍රීසාන්ත් වෙනුවෙන් ඇප අපේක්ෂා කරන බව ඔහුගේ නීතීඥයා ප්‍රකාශ කළා.
Latest News
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව