General20 May 2013

බස් වර්ජනය කුමන්ත්‍රණයක්. - ගැමුණු.

අද (20) කැදවා තිබූ බස් වර්ජනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද (20) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය කැදවා තිබූ මෙම හදිසි වර්ජනය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවයි.

 

[MP3]s59354_1[/MP3]

 

සිය සංගමය විසින් අද (20) ක්‍රියාත්මක කළ බස් වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

 
[MP3]s59354_2[/MP3]

 

මේ අතර, කලින් ප්‍රකාශ කළ පරිදි අද (20) දිනයේ වර්ජනයට එක්වූ පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොශාන් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විටත්, ඒ ඒ ප්‍රදේශවල වර්ජනයට එක්වූ බස් රථ හඳුනාගෙන ඇති බවයි සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes