පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙවර කොළඹ දී අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව මාලදිවයින අවධාරණය කරනවා. එරට විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල් සමාඞ් අබ්දුල්ලා ප්‍රකාශ කළේ එය වෙනත් ස්ථානයකට රැගෙන යාමට තමන් දැඩි සේ විරෝධය පළ කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන දඩුවම්කාරී පිළිවෙත්වලට තමන් එරෙහි වන බවත්, මාලදිවයින් විදේශ අමාත්‍යවරයා කියා සිටියා. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ඔහු මේ බව සදහන් කළේ යැයි මාලදිවයිනේ හවීරු පුවත්පත වාර්තා කළා.
මාලදිවයින් විදේශ අමාත්‍යවරයා මරදාන සහිරා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු ලෙස වසර 9ක් එහි කොළඹ කාර්යාලයේ සේවය කර තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල් සමාඞ් වැඩිදුරටත් සදහන් කළේ ත්‍රස්තවාදී උවදුරෙන් ශ්‍රී ලාංකිකයන් පීඩාවිදි ආකාරය තමා හොදින් අත්දුටු බවයි. එවැනි අත්දැකීමකට මුහුණ දුන් ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සදහන් කළා.
යුද්ධයේ දී ඇතැම් අඩුපාඩුකම් සිදුවිය හැකියි. එවැනි දෑ පිළිබදව අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ සොයා බැලීමට ලක් රජය කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
මේ අතර, කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් කැනඩාව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ සමුළුව සම්බන්ධයෙන් කැනඩාව බහමාස් රාජ්‍යය සමග පසුගිය දා පැවැති සාකච්ඡා පිළිබදව තමන් අවබෝධයෙන් සිටින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබදව අදාළ රටවල් දැනුවත් කරන ලෙස විදේශයන්හි සිටින ශ්‍රී ලංකා තානාපති අංශ වෙත දැනුම්දීමක් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම ප්‍රකාශ කළා. කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එරෙහි වන බව මෙතෙක් ප්‍රකාශ කර ඇත්තේ එහි සාමාජික රටවල් 55 අතුරින් කැනඩාව පමණයි.
Latest News
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව