Entertainment23 May 2013

දීපිකාට ෂාරුක්ගෙන් තහනමක්.


මේ තමයි බොලිවුඞ්වලින් ලැබුණු අලූත්ම ආරංචිය. යේ ජවානි හා දිවානි චිත්‍රපටියේ ප්‍රවර්ධන වැඩසටහන්වලට දීපිකාට රන්බීර් එක්ක ලෝකෙ වටේම යන්න සිද්ධවෙලානේ. කථාවේ හැටියට ෂාරුක් මේ ගමන නතර කරන්න කියලා. ඒත් එහෙම කියන්න ඔහුට තියෙන අයිතිය මොකක්ද?

අගෝස්තු මාසයේ තිරගත කරන්න හිතාගෙන ඉන්න ෂාරුක්ගේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටියෙත් දීපිකා ඉන්නවානේ. ඉතින් ඇය රන්බීර් එක්ක ලෝකෙ වටේ යද්දී මේකෙ වැඩ ඉවර කරන්නේ කොහොමද? ඔය නිසාලූ ෂාරුක් ඒකට විරුද්ධ.

 

හැබැයි දීපිකානම් මේ කථාව ප්‍රතික්ෂේප කරනවා. මගේ සාර්ථකත්වය ගැන ෂාරුක් ඛාන් හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම හැම වෙලාවෙම ඔහු මාව ධෛර්යමත් කරනවා. මෙහෙම කියන දීපිකා පාදුකොන්  ඕන වෙලාවක ෂාරුක් වෙනුවෙන්  ඕනම කැපකිරීමක් කරන්න ලෑස්තියි.

Related recommendation
Hiru TV News | Programmes