චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වීම සම්බන්ධයෙන් ඍජු වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාර ගත යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ප්‍රකාශ කළා. චැම්පියන්ස් කුසලාන තරගාවලිය ඊයේ (06) එංගලන්තයේ දී ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවය මොහොතේ තරගාවලියට එක්ව සිටින රටවල ජාතික ධජ ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒම සිදුවුණා. එම අවස්ථාවේ තරග සංවිධායකයන් අදාළ රටවල සංස්කෘතියට ගැලපෙන ගීත අනුවාදන වාදනය කළත්, ශ්‍රී ලංකා ජාතික ධජය රැගෙන ඒමේදී මෙලෙස හින්දි ගීතයක ඛණ්ඩයක් අනුවාදනය වුණා.
[MP3]s60529_1[/MP3]
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකාවේ අභිමානය මෙලෙස විනාශ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුණ රණතුංග දක්වන්නේ මෙවැනි අදහසක්.
[MP3]s60529_2[/MP3]
අප මේ පිළිබදව තොරතුරු විමසන තුරු සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන සිටියේ නැහැ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කළ බවයි.
Latest News
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්