Sports10 June 2013

ICCයෙන් ශ්‍රී ලංකාවට කණගාටුව.

අයි.සී.සී චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධඡය පෙළපාලියේ රැගෙන යන විට හින්දි ගී තනුවක් වාදනය කිරීමේ සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය කනස්සල්ල පළ කර තිබෙනවා. ජාත්‍යන්තර සම්මේලනයේ තරගාවලි අධ්‍යක්ෂ ක්‍රිස් ටෙට්ලි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය මෙහෙයවූ ආයතනය වෙතින් මේ පිළිබඳ විමසීමක් කරන බවයි. චැම්පියන්ස් කුසලාන සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කළ එම සිදුවීම මුලින්ම වාර්තා කළේ හිරු ප්‍රවෘත්ති මගින්.

 

මේ අතර, නවසීලන්තය සමඟ ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගයේදී සීමාව ඉක්මවා විනිසුරුගෙන් ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ෂාන්ට ජාත්‍යන්තර සම්මේලනය අවවාද කර තිබෙනවා. ඔවුන් එහිදී අයි.සී.සී විනය නීති උල්ලංඝනය කර ඇති බවයි ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශ කළේ.

Related recommendation
Hiru TV News | Programmes