Sports13 June 2013

අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි.




චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරඟයක් එංගලන්තය සමග අද (13) පැවැත්වෙනවා. තරඟාවලියේ අවසන් වටයට සහභාගිවීම සඳහා බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි. තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරඟයේදී පරාජයට පත්වුණා. මේ අතර එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනස්වීමක් සිදුවිය හැකි බවයි. එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා අවතක්සේරු නොකරන බවද ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Related recommendation
Hiru TV News | Programmes