ජනාධිපති මහමුද් අහමඩිනෙජාඞ්ට පසුව ඉරානයේ නායකත්වය තීරණය කෙරෙන එරට ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙනවා. ඒ සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර, ඡන්දය ප්‍රකාශ කිරීම ඉරාන වේලාවෙන් අද පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා සිදුකෙරෙනු ඇති. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබූ ඉරාන වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 50 කට අධිකයි. ඉරානයේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 6 දෙනා අතුරෙන් හසාන් රොව්හානි ප්‍රතිසංස්කරණවාදීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත්ව සිටිනවා. බටහිර රටවල් සමඟ යලි සමීප සබඳතා ඇරඹිය යුතු බව පවසන රොව්හානිට එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහය හිමිවීම ද විශේෂත්වයක්. ප්‍රතිසංස්කරණවාදීන් වන මොහොමඞ් කටාමි සහ රෆ්සන්ජානි මොහු වෙනුවෙන් තම සහය පළ කර ඇතැයි සඳහන්. අනෙක් අපේක්ෂකයන් සියලූදෙනාම ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ සමීපතමයන්. පසුගිය වසර අට පුරා ඉරානය පාලනය කළ ජනාධිපති අහමදිනෙජාඞ් ට එරට ව්‍යවස්ථාවට අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ.
Latest News
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්