International17 June 2013

මන්මෝහන් සිං යළි දිවුරුම් දෙයි.



ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අද (17) එරට රාජ්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ, ඇසෑම් ප්‍රාන්තයේ රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු ලෙස 5 වන වරටත් යළි තේරී පත්වීමත් සමගයි. ඇසෑම් ප්‍රාන්තයේ රාජ්‍ය සභා ආසන දෙකක් සඳහා පසුගිය මැයි 30 වන දා පැවැති මැතිවරණය ජයග්‍රහණය කළේ කොංග්‍රස් පක්ෂයයි. ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා ද වන අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං රාජ්‍ය සභා නියෝජිතයෙකු ලෙස දිවුරුම්දීමේ අවස්ථාවට සෝනියා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂ ප්‍රධානීන් ද එක්ව සිටියා.

Related recommendation
Hiru TV News | Programmes