International19 June 2013

ඇමරිකානු සෙබලූන් 4 දෙනෙකු ඇෆ්ගනීස්ථානයේදී මරුට.

ඇමරිකානු සොල්දාදුවන් 4 දෙනෙකු ඇෆ්ගනීස්ථානය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා තලෙයිබාන් සංවිධානයත් සමඟ ඍජු සාකච්ඡා සඳහා සූදානම් බවට ප්‍රකාශ කර පැය 4 කට පසුවයි මෙම ඝාතනයන් සිදුව ඇත්තේ. කාබුල් ආසන්නයේ පිහිටි බැග්ග්‍රෑම් ගුවන් කඳවුර ආසන්නයේදී මෙම ඝාතනයන් සිදුව තිබෙනවා. ඇෆ්ගනීස්ථානය තුළ ඇමෙරිකාවට හිමි විශාලතම ආරක්ෂක කඳවුර වන්නේ ද බැග්ග්‍රෑම් ගුවන් කඳවුරයි.

Related recommendation
Hiru TV News | Programmes