Entertainment19 June 2013

අභිෂේක් හා කරීනා පෙම්වතුන් වෙයි.

අවුරුදු 10කට පස්සේ අභිෂේක් භච්චනුයි කරීනා කපුරුයි පෙම්වතුන් වෙන්න යනවා. ඒ උමේෂ් ශුක්ලගෙ මෙරේ අප්නෙ කියන අලූත්ම චිත්‍රපටය. මුලින් නම් ආරංචි වුණේ මේකට අසින්ව ගන්නවා කියලයි. හැබැයි උමේෂ්ගෙ අන්තිම තේරිම වෙලා තියෙන්නේ කරීනා. මේ ප්‍රේම් කී දිවානි හූන් චිත්‍රපටයෙන් පස්සේ අභිෂේක් සහ කරීනා එකට රඟපෑවෙ නෑ. ඒකට ලොකුම හේතුව කරීනාගෙ අක්කා කරිශ්මා කපූර්. අභිෂේක් එක්ක තිබ්බ සම්බන්දෙ හිටිහැටියෙම නතර කළේ කරිශ්මා. ඒ වෙද්දි මේ දෙන්නා විවාහ ගිවිස ගෙනත් හිටියේ. ඔය හේතුව නිසා භච්චන් පවුලයි කපූර් පවුලයි අතරෙ අමනාපකමකුත් ඇති වුණා. හැබැයි කරීනා අභිෂේක් එක්ක මේ චිත්‍රපටයේ රඟපාන්න කැමති වුණොත් ඔය අමනාපකම් සේරම ඉවර වෙයි.

Related recommendation
Hiru TV News | Programmes