General19 June 2013

උතුර, වයඹ, මධ්‍යම ඡන්දයට ශ්‍රී.ල.නි.ප යෙන් නාමයෝජනා කැඳවයි.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ජූලි මස පළමුවැනිදා සිට නාමයෝජනා ඉදිරිපත් කළ හැකිවනවා. මෙම නාමයෝජනා සඳහා අයදුම්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් ලබා ගත හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. අපේක්ෂකයන් තෝරා ගැනීමේ නාමයෝජනා මණ්ඩලය මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න, ප්‍රසන්න රණතුංග සහ ඒ.එච්.එම් ෆවුසි යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලබනවා.

Related recommendation
Hiru TV News | Programmes