කැලිෆෝනියාවේ ලැව්ගිනි තවදුරටත් පැතිරෙයි.

Sunday, 25 August 2013 - 13:34

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



පසුගිය අගෝස්තු 17 වැනිදා පටන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිරෙමින් පවතින ලැව්ගිනි දැන් එහි යොසෙමයිට් ජාතික වනෝද්‍යානය ආසන්නයටම ළඟාවී ඇතැයි වාර්තාවනවා. ගිනි වළල්ලක් ලෙසින් පැතිරෙන මෙම ලැව්ගිනි ජාලාව මේ වනවිට වර්ග සැතපුම් 200 කට වැඩි ප්‍රදේශයක් විනාශයට පත් කර ඇති අතර සැන්ෆ්‍රැන්සිස්කෝ ජල මූලාශ්‍ර ප්‍රදේශයටද තර්ජනයක් වී ඇතැයි සඳහන්. නිවාස 5 000 කට පමණ ලැව්ගින්න අනතුරුදායක වී ඇති අතර ගින්න නිවීම සඳහා 2 700 කට වැඩි ගිනි භටයන් යොදවා ඇති බවයි කැලිෆෝනියා බලධාරීන් ප්‍රකාශ කළේ. කෙසේ නමුත් මේ වනවිට පාලනය කර ඇත්තේ ගින්නෙන් සියයට 5 ක් පමණයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories