Hirunews Logo
UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%BA%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Tuesday, 15 October 2013 - 13:38
UPDATE : වීඩියෝ: ආන්දෝලනයට ලක් වූ අම්බලන්තොට යකැදුරා හිරුට කතා කරයි.
19

Shares
2,350

Views



අම්බලන්තොට - නෝනාගම - බැමිණියන්ගල සමාධිගම ප්‍රදේශයේදී මහත් ආන්දෝලනයට ලක්වු ආරූඪය සිදුකළ බව කියන 16 හැවිරිදි යකැදුරා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශයට හැකිවුණා. වැලිගම - මිදිගම කලපුව ආසන්නයේ පදිංචිව සිටින රාජපක්ෂ පතිරණගේ ගයාන් නැමැති මෙම යකැදුරා අද සිය නිවසට පැමිණ ඇත්තේ තංගල්ල - ගොඩිගමුව ප්‍රදේශයේ සිටයි.
 

අම්බලන්තොට - නෝනාගම - බැමිණියන්ගල නිවසක පෙරේදා (14) රාත්‍රියේ පැවැත් වූ ශාන්ති කර්මයක් නැරඹීමට පැමිණ සිටි කාන්තාවන් 07 දෙනෙකුව යකැදුරෙකු විසින් නර්ථනයකට එක්කර ගෙන තිබෙනවා. ශාන්තිකර්මය අවසන් වූවද මෙම කාන්තාවන් දිගටම ආරූඪ වූවා සේ අසාමාන්‍ය හැසිරීමක නිරතවීම නිසා සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක්වුණා.  

පසුව ආරූඪය කළ බව කියන 16 හැවිරිදි යකැදුරා ඊයේ දිනයේ ගමේ විහාරස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර, ඔහුට ප්‍රදේශවාසීන් පහර දී තිබෙනවා. අනතුරුව ඔහුව එම ස්ථානයෙන් ඉවත්කරගෙන ගිය පුද්ගලයෙකු තංගල්ල - ගොඩිගමුව ප්‍රදේශයේ නවතා ඇති බවයි වාර්තා වූයේ.

කෙසේ වෙතත්, යකැදුරාගේ වැඩිමහල් සොහොයුරා අද දිනයේ අදාළ විහාරස්ථානයට ගොස් තොරතුරු සොයා සිය 16 හැවිරිදි බාල සොහොයුරාව වැලිගම - මිදිගම පිහිටි නිවසට කැඳවාගෙන ආවා. එහිදී දුරකතනය ඔස්සේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්බන්ධ වූ රාජපක්ෂ පතිරණගේ ගයාන් නැමැති යකැදුරා කියා සිටියේ අදාළ කාන්තාවන්ට තුවාල සිදුකළේ තමන් නොව එම ස්ථානයේ සිටි වෙනත් යකැදුරෙකු බවයි.

සිය ආච්චී සහ සීයාගෙන් ලැබුණු වරමක් මත ශාන්තිකර්ම මගින් ලෙඩුන් සුවපත් කිරීමේ කාර්යය මෙම යකැදුරා සිය ගම්මානයේදීද සිදුකර තිබෙනවා. නිවසේ දේවාලයක්ද පවතින අතර, අදාළ තරුණයා කිසිවෙකුට අවැඩක් නොකරන අයෙකු බවයි වැලිගම - මිදිගම ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

rn

rnrnrnrnrnrnrn

rn

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 16 බදාදා- පස්වරු 07:01

rn

----------------------------------------------------------

rn

නෝනාගම ඇදුරා අතුරුදන්. - 3 කට සුවයි.

rn

පෙර පුවත  2013 ඔක්තෝබර් 16 බදාදා- පස්වරු 12:34

rn

නෝනාගම - බැමිණියන්ගල ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති ශාන්තිකර්මයක් නැරඹීමට පැමිණ සිටි කාන්තාවන් 7 දෙනෙකු ශාන්ති කර්මයේ බෙර වාදනයට නර්තනය සඳහා එක්වී තිබෙනවා. ශාන්තිකර්මය සිදුකර ඇත්තේ වයස අවුරුදු 16 පසුවන ළමයින් දෙදෙනෙක්. මෙම ශාන්ති කර්මයෙන් දින කිහිපයකට පසු එම නර්තනයට එක්වූ කාන්තාවන් 7 දෙනා පසුව ආරූඪ වූවාක් මෙන් අසාමාන්‍ය හැසිරීමක නිරත වූ බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අතර, එකම පවුලේ කාන්තාවන් 4 දෙනෙකු ද සිටිනවා. සුව වූ කාන්තාවන් අතර එකම පවුලේ කාන්තාවන් 4 දෙනා නොසිටින බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වෛද්‍යවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගිය විට එකම පවුලේ කාන්තාවන්ගේ භාරකරුවන් විසින් ඔවුන් සුව කිරීමට කැමැත්ත පළ කර නැහැ.

 
ඊයේ රාත්‍රී කාලයේදී ශාන්තිකර්මය සිදුකළ එක් ඇදුරෙකු ප්‍රදේශයේ විහාරස්ථානය වන පළුගස්වල - ධර්මරාජ විහාරස්ථානයට රැගෙන විත් තිබෙනවා. ඒ එම කාන්තාවන් යළි සුව අතට පත් කිරීමට එම ඇදුරන් වෙත ප්‍රදේශවාසීන් ආරාධනා කිරීම්ත සමඟයි. එහිදී එම ඇදුරා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා.

rn

  

rn

---------------------------------------------------------------------

rn

අම්බලන්තොට - නෝනාගම ශාන්තිකර්මයේ යකැදුරාට ගම්වැසියන්ගේ විරෝධය.

rn

පෙර පුවත 2013 ඔක්තෝබර් 16 බදාදා- පෙරවරු 08:11

rn

අම්බලන්තොට - නෝනාගම ප්‍රදේශයේ පැවති ශාන්තිකර්මයකින් අනතුරු එය නැරඹීමට පැමිණ ආරූඪයට ලක්ව අසාමාන්‍යව හැසිරෙන කාන්තාවන් පිළිබදව පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මෙම ශාන්තිකර්මයේ ඇදුරන් ලෙස කටයුතු කර ඇත්තේ වයස අවුරුදු 16 පසුවන ළමයින් දෙදෙනෙක්. මෙම ශාන්තිකර්මයේ දී ආරූඪයට පත් කාන්තාවන් 7 දෙනෙකුගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේ ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එම කාන්තාවන් යළි සුව අතට පත් කිරීමට එම ඇදුරන් වෙත ප්‍රදේශවාසීන් ආරාධනා කර තිබෙනවා. එහිදී පැමිණි එක් ඇදුරෙකු එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසියෙන් කරන ලද විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ පිළිබද පැමිණිල්ලක් තමන් වෙත ලැබී නොමැති බවයි.

rn

--------------------------------------------------------------------

rn

ශාන්තිකර්මයක් නැරඹීමට ගිය පිරිසක් ආරූඪ වෙයි.

rn

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා- පස්වරු 01:38

rn

ශාන්තිකර්මයක් නැරඹීමට ගිය පිරිසක් ආරූඪයකට ලක්ව අසාමාන්‍ය හැසිරීමක නිරත වන බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. මෙම ශාන්තිකර්මය පවත්වා ඇත්තේ අම්බලන්තොට - නෝනාගම - බැමිනියන්ගල සමාධි ගම ප්‍රදේශයේයි. ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති මෙම ශාන්තිකර්මයේ  ඇදුරන් ලෙස කටයුතු කර ඇත්තේ වයස අවුරුදු 16යේ පසුවන ළමයින් දෙදෙනෙක්. මීට දින 5කට පමණ පෙර පැවැති මෙම ශාන්තිකර්මය නැරඹීම සඳහා අසල්වාසීන් එම නිවසට පැමිණ තිබෙනවා.

ඒ අතරතුර ඇදුරන් විසින් ශාන්තිකර්මය නැරඹීමට පැමිණ සිටි කාන්තාවන් පිරිසක් ඊට එක්කරගෙන ඇත්තේ වැයෙන බෙර වාදනයට නර්තනය කිරීම සඳහායි. ඒ අනුව මෙම ශාන්ති කර්මයෙන් දින කිහිපයකට පසු නර්තනයට එක්වූ කාන්තාවන් 7 දෙනෙකු ආරූඪ වූවාක් මෙන් අසාමාන්‍ය හැසිරීමක නිරත වන බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.                           

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගම්වැසියන් අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද සූදානම් වනවා. මේ වන විට ආරූඪයට ලක්වූ තරුණියන් ප්‍රදේශයේ විහාරස්ථාන වෙත රැගෙන ගොස් පිරිත් නූල් බැද ආශිර්වාද ලබා ගනිමින් සිටින බවයි ප්‍රදේශවාසීන් සදහන් කළේ. මෙලෙස අරූඪයට ලක්වූ එක් තරුණියක් පලූගස්වල - ධර්මරාජ විහාරස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.

ශාන්තිකර්මයේ ඇදුරන් ලෙස කටයුතු කළ ළමයින්ගෙන් එක් අයෙකු නෝනාගම - සමාධිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මේ වන විට ශාන්තිකර්මය සිදුකළ සමාධිගම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මෙවැනි අසාමාන්‍ය හැසිරීම් සම්බන්ධයෙන් විද්‍යාත්මක පසුබිම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි සභාපති ටී.එන්. විද්‍යාකුලපති කියා සිටියේ මෙය සුළු මානසික රෝගී තත්ත්වයක් බවයි.

rn

rnrnrnrnrnrnrn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
116 Views
1,255 Views
6,773 Views
6,569 Views
104 Views
45,445 Views
Top