තවත් රක්ෂිත දෙකක් ගිනි ගනී.

Wednesday, 16 October 2013 - 9:02

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය සමඟ රක්ෂිතවල ගිනි ගැනීම් වාර්තා වනවා. සීගිරිය, සියඹලාවැව ප්‍රදේශයේ ද ඊයේ හට ගත් ගින්නකින් අක්කර 30කට පමණ ආසන්න භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. පසුව දඹුල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. මේ අතර, නාවුල - ඇලහැර - කිරෝනා ශෛල්‍යකන්ද වන රක්ෂිතයේ ද හට ගත් ගින්නකින් අක්කර 75කට අධික භූමි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. එම ගින්න ද මේ වන විට නිවා දැමීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories