වීඩියෝ: පුරාවිද්‍යා නිලධාරීන්ට බොදුබල සේනාවෙන් චෝදනා.

Wednesday, 16 October 2013 - 9:07

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

සුගලා දේවියගේ දේහය හමුවූ බවට වාර්තා පළ වූ  පොළොන්නරුව - දිඹුලාගල - පලූදෙනිය ප්‍රදේශයේ රූස්සමලේ ගල් පර්වතයේ ගල්කොරියක් පවත්වාගෙන යාමට ලබාගෙන ඇති බලපත්‍රයේ සීමාව ඉක්මවා ඔවුන් කටයුතු කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.

මේ අතර බොදුබල සේනා සංවිධානය ද අද (17) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ද සුගලා දේවිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙහිදී කියා සිටියේ පුරාවිද්‍යා නිලධාරීන් සිය වගකීම නිසිලෙස ඉටු නොකරන බවයි. කෙසේ වෙතත්, මෙම අදහස් ප්‍රතික්ෂේප කරන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියා සිටියේ ප්‍රසිද්ධවීමට මෙවැනි ප්‍රකාශ නොකර පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසෙන ලෙසයි.

යාවත්කාලීන කිරීම  2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා - පස්වරු 08:31

----------------------------------------------------------------------------------

සුගලා දේවීය ගැන වාර්තා බොරු - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්.

පොළොන්නරුව - දිඹුලාගල - පලූදෙනිය ප්‍රදේශයේ රූස්සමලේ ගල් පර්වතයෙහි සුගලාදේවි වාසය කළ බව සහ ඇයගේ සංරක්ෂිත සිරුර තිබූ බවට සඳහන් වාර්තා ප්‍රතික්ෂේප කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා. අද (16* පස්වරුවේ එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු පැවසුවේ පුරාවිද්‍යා වටිනාකමකින් යුතු සාධක කිහිපයක් මෙම ගල් පර්වතයේ දක්නට ලැබුණ ද සුගලා දේවිය වාසය කළ බවට හෝ ඇයගේ දේහය තැන්පත් කර තිබූ බවට සාධක නොමැති බවයි.

 

සුගලා දේවිය සම්බන්ධ ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් විමසීමට අප පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විමසීමක් කළා. උන්වහන්සේ ද පොළොන්නරුව - දිඹුලාගල - පලූදෙනිය ප්‍රදේශයේ ගල් පර්වතයකින් සුගලා දේවියගේ දේහය හමුවූ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කළා. ඉතිහාසයේ දැක්වෙන ආකාරයට ක්‍රිස්තු වර්ෂ 1055 සිට 1110 දක්වා මහාපරාක්‍රමබාහු රාජ්‍ය කළ සමයෙහි සුගලා දේවිය රජුට එරෙහිව සටන් කළ බව උන්වහන්සේ සඳහන් කළා.

යාවත්කාලීන කිරීම  2013 ඔක්තෝබර් 16 බදාදා- පෙරවරු 07:31

------------------------------------------------------

සුගලා දේවියගේ මමිය සත්‍යදැයි බලන්න පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පොළොන්නරුවට.

පෙර පුවත  2013 ඔක්තෝබර් 16 බදාදා- පෙරවරු 09:07

පොළොන්නරුව - දිඹුලාගල - පලූදෙනිය ප්‍රදේශයේ රූස්සමලේ ගල් පර්වතයෙහි සුගලාදේවි වාසය කළ බව සහ ඇයගේ සංරක්ෂිත සිරුර තිබූ බවට සඳහන් වාර්තා පිළිබද සොයා බැලීමට තමන්  අද දිනයේදී එම ස්ථානයට යන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සුගලාදේවියගේ සංරක්ෂිත දේහය මෙම ගල් පර්වතයෙහි තැන්පත් කර තිබූ බවට පවතින වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම අද දිනයේදී සිදුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව බොදුබල සේනා සංවිධානය ද දිඹුලාගල - පලූදෙනිය ප්‍රදේශයේ රූස්සමලේ ගල් පර්වතය පරීක්ෂාවට ලක් කළා. ඉන් අනතුරුව ඔවුන් එම ස්ථානයේ පවත්වාගෙන යන ගල්කොරියෙහි කටයුතු නැවැත්වීමට නියෝග කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories