වංචනික නාමයෝජනාවක් ගැන මැ. දෙපාර්තමේතුවෙන් පැමිණිලි.

Wednesday, 16 October 2013 - 19:07

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90.++++%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92.



නාමයෝජනා ලබාදීමට ඇති හිමිකම අත්හිටුවා ඇති ජාතික සංවර්ධන පෙරමුණ පසුගිය පළාත් සභා ඡන්ද විමසීමේදී වංචනික ලෙස ව්‍යාජ නාමයෝජනා ඉදිරිපත් කළ බවට මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට සූදානම් වනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොවුන් පසුගිය පළාත් සභා ඡන්ද විමසීමේදී මොවුන් යාපනය, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවලට ව්‍යාජ නාමයෝජනා ඉදිරිපත් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරු පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික සංවර්ධන පෙරමුණේ ලේකම් ධුරය සඳහා පාර්ශව කිහිපයක් හිමිකම්කීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම පක්ෂයට කිසියම් ඡන්ද විමසීමක් සඳහා නාමයෝජනා දීමට ඇති අයිතිය අත්හිටුවා තිබෙනවා. එහෙත්, එම තත්ත්වය නොසලකා හරිමින් ව්‍යාජ නම් ඉදිරිපත් කරමින් නාමයෝජනා ජාතික සංවර්ධන පෙරමුණ විසින් පසුගිය ඡන්ද විමසීමේදී ලබාදී ඇති බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories