වීඩියෝ:බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක්.

Wednesday, 16 October 2013 - 19:08

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නේ පැහැදිලි පණිවුඩයක් ද රැගෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කළා. විදෙස් මාධ්‍ය අමතමින්, ඔහු සඳහන් කර ඇත්තේ, මෙරට මානව හිමිකම්, සංහිඳියාව සහ දේශපාලන විසඳුම යන අංශවල පැහැදිලි ප්‍රගතියක් බ්‍රිතාන්‍ය බලාපොරොත්තු වන බවයි. එම අපේක්ෂාව මත ශ්‍රී ලංකාව හුදකලා නොකර සංහිඳියාව ගොඩනැගීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සමුළුවට සහභාගි වන බව මහකොමසාරිස්වරයා අවධාරණය කළා. යුද්ධය අවසන්වීම මෙරට සංහිඳියාවේ ආරම්භයක් පමණයි. එහි ඉදිරි පියවර වගවීමේ ක්‍රියාවලියයි.  ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාව ලෝකයේ තනි නොකර එම ගමන සඳහා යොමුකළ යුතු බවට තරයේ විශ්වාස කරන බව ද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් සඳහන් කළා.

මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය බලධාරින් සහභාගි නොවිය යුතු බව පවසමින් දින 15 ක් තිස්සේ තමිල්නාඩුවේදී, මාරාන්තික උපවාසයක නිරත වූ දෙමළ ජාතික නිදහස් ව්‍යාපාරයේ ලේකම් ත්‍යාගූ සිය උපවාසය ඊයේ නතර කර තිබෙනවා. මෙම සමුළුවට සහභාගි වීම තමිල්නාඩු ජනතාවගේ හැගීම්වලට අනුව තීරණය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඊයේ ප්‍රකාශ කිරීමත් සමඟයි ඔහු මෙම මාරාන්තික උපවාසය නතර කර ඇත්තේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඞී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබුණා. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තමිල්නාඩු බලධාරීන් සමග සාකච්ඡා කරන බව ද එම ලිපියේ සදහන් වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories