Hirunews Logo
UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Tuesday, 22 October 2013 - 7:25
UPDATE : වීඩියෝ: කැසිනෝ සමග එන අවදානමක් එජාපය පෙන්වයි.
25

Shares
3,098

Views

මෙරට කැසිනෝ ව්‍යාපාරය තදින් ක්‍රියාත්මක වුවහොත් ඒ සමගම තවත් නීතිවිරෝධී ව්‍යාපාර රැසක් ඇතිවීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අලූත්ගම අද පැවති උත්සවයකදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කියා සිටියේ කැසිනෝ ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත නොවිය යුතු බවයි. ඊට තමන් ද දැඩි විරෝධයක් පළ කරන බව ඔහු සඳහන් කළා.

rn

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 01:28

rn

--------------------------------------------------------------------

rn

එ ජා ප යෙන් ආණ්ඩුවට ආ පිරිසකට හෙළ උරුමයෙන් චෝදනා.

rn

පෙර පුවත 2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා- පස්වරු 07:10

rn

එක්සත් ජාතික පක්ෂයෙන් රජයට එක්වූ ඇතැම් මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරමින් සිටින බවට ජාතික හෙළ උරුමය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව කියා සිටියේ කැසිනෝවලට අදාළ ගැසට් පත්‍ර පිළිබඳව අදහස් දක්වමින්.

කෙසේ වෙතත් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත යටතේ වන කැසිනෝවලට අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කළ බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළේ. කොළඹ අද කැඳවා තිබූ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවලදීද කැසිනෝවලට අදාළ ගැසට් පත්‍ර සම්බන්ධයෙන් අදහස් පළවුණා. එමෙන්ම කොම්පඤ්ඤවීදියේ ජනතා පෙරමුණ අද විරෝධතාවක නිරතවුණේ කොම්පඤ්ඤ වීදිය - ජස්ටිස් අක්බාර් මාවත ආසන්නයේයි.

මේ අතර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ කැසිනෝ මෙරට ස්ථාපිත කිරීම තුළින් සදාචාරයට හානි සිදුවන බවයි.  කොළඹ අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදි මේ පිළිබඳව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ආණ්ඩුවේ ඇමතිවරුන් අතර කැසිනෝවලට අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටළු නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පෙනී යන බවයි. ගැසට් පත්‍රය තාවකාලිකව හකුලා ගැනීමක් මිස එය අහෝසි කිරීමක් සිදුකර නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ජාතික හෙළ උරුමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ මීට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පෙනී සිටිය යුතු බවයි.

rn

rnrnrnrnrnrnrn

rn

 

rn

කැසිනෝවලට අදාළ ගැසට් පත්‍ර ගැන අද පාර්ලිමේන්තුවේ දී විවිධ අදහස් පළ වුණා. විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ සඳහා බදු සහන ලබාදීම සම්බන්ධයෙන් පළ කළේ දැඩි විරෝධයක්. ඒ පිළිබදව සහ පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.

rn

 

rn

rnrnrnrnrnrnrn

rn

rn

------------------------------------------------------------------------------------------------

rn

කැසිනෝ ගැසට් නිවේදනයට සංශෝධන.

rn

පෙර පුවත  2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා- පස්වරු 12:52

rn

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත යටතේ වන කැසිනෝවලට සම්බන්ධ ගැසට් පත්‍රය මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. මෙම ගැසට් පත්‍රය අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් වන විවාදය 24 සහ 25 වන දින පැවැත්වීමටයි නියමිතව තිබුණේ. එහෙත් අදාළ ගැසට් පත්‍ර පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ ඊට සංශෝධන එක් කිරීමෙන් අනතුරුව බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

 

මෙම ගැසට් නිවේදනයට විරෝධය පළ කරන බව ආණ්ඩුව තුල සිටින ජාතික හෙළ උරුමය සහ මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කර තිබුණා.

 
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දී අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ රජය විසින් කැසිනෝ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම තාවකාලික පියවරක් පමණක් බවයි.

rn

 

rn

 

rn

----------------------------------------------------------

rn

කැසිනෝ පිළිබද ගැසට් පත්‍රය මේ සතියේ ඉදිරිපත් කරන්නේ නැහැ. - රජය.

rn

පෙර පුවත 2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා- පෙරවරු 07:25

rn

කැසිනෝ සම්බන්ධයෙන් වන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත යටතේ ගැසට් පත්‍රය මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. මෙම ගැසට් පත්‍රය ලබන 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් වන විවාදය 24 සහ 25 වන දිනවල පැවැත්වීමටයි නියමිතව තිබුණේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ මේ පිළිබද නිවැරදි අවබෝධයක් ජනතාවට ලබාදීම සඳහා ගැසට් පත්‍රයට සංශෝධන එක් කිරීමට නියමිත බවයි. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී ද අදහස් පළ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වෙතත් කඩිනමින් මෙම ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියා.

rn

rnrnrnrnrnrnrn

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
116 Views
1,255 Views
6,773 Views
6,569 Views
104 Views
45,445 Views
Top