ඇමරිකානු ධජ අද අඩ-කුඹු කෙරේ.

Friday, 22 November 2013 - 10:06

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B0%E0%B6%A2+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%A9-%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
මීට පනස් වසරකට පෙර සාහසිකයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සිහිපත් කරමින් අද (22) දිනයේ ජාතික ධජ අඩ-කුඹු කරන ලෙස ජනාධිපති බැරක් ඔබාමා ඇමරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇමරිකානුවන්ගේ සඳ ගමනට මුල් වූ උඩුගුවන් වැඩසටහන මෙන්ම ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට ආසන්න වූ කියුබානු මිසයිල අර්බුදයද පැන නැගුනේ ඇමරිකාවේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩිගේ පාලන සමයේදීයි. හිටපු ඇමරිකානු නායකයා සිහිපත් කරමින් ජනාධිපති බැරක් ඔබාමා, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, හිලරි ක්ලින්ටන් ඇතුළු නායකයන් පිරිසක් ආලින්ටන් ජාතික සුසානයේ කෙනඩි ස්මාරකය වෙත ගොස් උපහාර දැක්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories