ඇමති තාමත් හැංගිලා. සමන් ද සිල්වා කියයි.

Tuesday, 03 December 2013 - 19:36

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F.+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා පැවති සංදර්ශනයකදී, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහ විසින් සුප්‍රකට ගායක සමන් ද සිල්වා ට පහරදුන් බව කියන සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතත් මෙතෙක් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ගායන ශිල්පී සමන් ද සිල්වා කියා සිටියේ පොලීසිය පළාත් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ගියත් ඔහු තැන් තැන්වල සැඟවී සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories