Update : තුන්වන වරටත් අයවැය පැරදුණොත් විශේෂ කොමසාරිස්වරයෙක් යටතට.

Wednesday, 04 December 2013 - 10:30

Update+%3A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7.
ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය වාර්තාව දෙවන වතාවටත් පරාජයට පත්වීම නිසා රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් ප්‍රභාත් විතාරණ එම ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය පවසනවා. පළාත් පාලන කොමසාරිස් ඩබ්ලිව්.ඒ.ටී මානෙල් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිවී රාජාංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය කෙටුම්පත ඔක්තෝම්බර් මස 24 වැනිදා පළමුවරට ඉදිරිපත් කෙරුණු අතර, එය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා. ඉන් අනතුරුව යළිත් වරක් අයවැය පසුගිය 21 වැනිදා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 4 කින් පරාජයට පත්වුණා.

මීට අමතරව, පෑලියගොඩ නගර සභාවේ සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය අවස්ථා දෙකකදී මේ වනවිට පරාජයට පත්වී තිබෙනවා. එමෙන්ම, කැස්බෑව නගර සභාවේ සහ අලව්ව, ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය සභාවල අයවැය එක්වරක් පරාජයට පත්වුණා. පළාත් පාලන ආයතනයක අයවැය දෙවරක් පරාජයට පත්වීමෙන් පසුව පැමිණෙන නව සභාපතිවරයා යළිත් වරක් අයවැයක් ඉදිරිපත් කළ යුතු අතර එය ද පරාජයට පත්වුවහොත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අදාළ පළාත් පාලන ආයතනය විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමට හැකියාව පවතිනවා.

Update : Wednesday, 04 December 2013 - 1:02 PM

---------------------------------------------
රාජාංගනය ප්‍රා. ස. අයවැය පරාජය වීම නිසා සභාපතිවරයා ඉවතට.

ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය වාර්තාව දෙවන වතාවටත් පරාජයට පත්වීම නිසා රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් ප්‍රභාත් විතාරණ එම ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය පවසනවා. පළාත් පාලන කොමසාරිස් ඩබ්ලිව්.ඒ.ටී මානෙල් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිවී රාජාංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය කෙටුම්පත ඔක්තෝම්බර් මස 24 වැනිදා පළමුවරට ඉදිරිපත් කෙරුණු අතර, එය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා. ඉන් අනතුරුව යළිත් වරක් අයවැය පසුගිය 21 වැනිදා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 4 කින් පරාජයට පත්වුණා. නව පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත යටතේ දෙවරක් අයවැය පරාජයට පත්වූ යම් පළාත් පාලන ආයතනයක සභාපතිවරයා ඉල්ලා අස්වූවා සේ සලකන බවට සඳහන් වනවා. ඒ අනුව, පළාත් පාලන කොමසාරිස්ට පැවරී ඇති බලතල අනුව මේ පිළිබඳව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දැනුවත් කළ බවයි කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories