Update : ගායක සමන් ද සිල්වාට පහරදීමේ සිද්ධිය සමථයකට.

Wednesday, 04 December 2013 - 16:02

Update+%3A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7.
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහ ගායක සමන් ද සිල්වාට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අද (04) සමාදානයට පත්වුණා. වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදී දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා තමන්ට පහරදුන් බවට පවසමින් ගායක සමන් ද සිල්වා පොලීසිය වෙත පැමිණිලි කර තිබුණා. ඒ අනුව පොලීසිය කළ දැනුම්දීමකට අනුව ඔවුන් අද දිනයේදී  බොරැල්ල පොලීසිය වෙත පැමිණියා. එහිදී දෙපාර්ශවයම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉදිරියේ සිංහල ක්‍රමයට ආචාර කර සිද්ධිය සමථයකට පත් කරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ගායන ශිල්පී සමන් ද සිල්වාට පහරදුන් සියලූම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයිකි ද අල්විස් අද පෙරවරුවේ පොලීසියට නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ ගායන ශිල්පී සමන් ද සිල්වා කර තිබූ පැමිණිල්ලට අනුව බොරැල්ල පොලීසිය අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

Update :  Wednesday, 04 December 2013 - 7:10
--------------------------------------------------------------------------------
ගායක සමන් ද සිල්වාට පහරදීමේ සිද්ධිය සමථයකට.

Wednesday, 04 December 2013 - 16:02

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහ විසින් ගායක සමන් ද සිල්වාට පහරදුන් බව කියන සිද්ධිය සමථයකට පත්වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනාම අද (04) බොරැල්ල පොලීසිය වෙත පැමිණ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදී දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා තමන්ට පහරදුන් බවට පවසමින් ගායක සමන් ද සිල්වා පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ අනුව පොලීසිය කළ දැනුම්දීමකට අනුව ඔවුන් අද දිනයේදී  බොරැල්ල පොලීසිය වෙත පැමිණ තිබෙනවා. එහිදී සිද්ධිය සමථයකට පත් කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories