Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.
Thursday, 27 February 2014 - 7:48
හිරු යළි ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.
26,721

Views
ජනතාවගේ හොඳම ගුවන් විදුලි නාලිකාව සහ තාරුණ්‍යයේ හොඳම ගුවන් විදුලි නාලිකාව ලෙස හිරු එෆ්.එම්. සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවා. ඒ, බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ඊයේ පැවති ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදියි. ඒ අනුව එම සම්මාන උළෙලේ  ගුවන් විදුලි අංශය වෙනුවෙන් පිරිනැමූ සම්මාන අතුරින් වැඩිම සම්මාන ප්‍රමාණය හිමිකර ගත්තේ හිරු එෆ්.එම්. ගුවන් විදුලියයි.

මෙරට සියලූම ගුවන් විදුලි නාලිකා අභිබවමින් ජනතා සම්මානයෙන් යළි පිදුම් ලැබීමට හිරුට හැකිවීම දයාබර ශ්‍රාවක ඔබගේ ජයග්‍රහණයක්.

ශ්‍රාවක ඔබ හිරු ගුවන් විදුලිය කෙරෙහි තබා ඇති අනගිභවනීය විශ්වාසය හේතුවෙන් මෙරට සියලූ ගුවන් විදුලි නාලිකා අභිබවමින් දිනෙන් දින සම්මානයට පාත්‍රවීමට හිරු එෆ්.එම්. ගුවන් විදුලියට හැකියාව ලැබී තිබෙනවා. දකුණු ආසියාවේ හොඳම ගුවන් විදුලිය ලෙස හිරු එෆ්.එම්. 2011 ආසියානු මන්තන් සම්මානය දිනා ගනු ලැබුවා.

දකුණු ආසියාවේ මන්තන් සම්මාන උළෙල නියෝජනය කළ සහ මෙසේ සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම ගුවන් විදුලිය වන්නේ ද හිරු එෆ්.එම්. නාලිකාවයි. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු අති ප්‍රබල දකුණු ආසියානු රටවල් අභිබවමින් ශ්‍රී ලාංකික ගුවන් විදුලියක් ලෙස හිරු එෆ්.එම් මෙලෙස මන්තන් සම්මානයට පාත්‍ර වුණා. ඊට අමතරව  2012 වසරේදී මෙරට සියලූම ගුවන් විදුලි නාලිකා අභිබවමින් දිවයිනේ ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාව ලෙස හිරු එෆ්.එම්. ජාත්‍යන්තර මැකෝ සම්මානයෙන් පිදුම් ලැබුවා. එමෙන්ම, ඉ ස්වාභිමාණි සම්මාන උළෙලේදී හොඳම ගුවන් විදුලිය සහ හොඳම වෙබ් අඩවිය ලෙස ද හිරු එෆ්.එම් සම්මාන ලබා ගෙන තිබෙනවා.

මෙරට ජනතාවගේ ගුවන් විදුලිය ලෙස හිරු එෆ්.එම්. සම්මානයෙන් පිදුම් ලැබුවේ රස වින්දනාත්මක හා ගවේෂණාත්මක මුහුණුවරකින් සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට දේශීය අනන්‍යතාවය උපරිම තාක්ෂණයෙන් යුතුව සමීප කරවීමට සමත්වීම නිසා බව මෙමගින් තහවුරු වෙනවා.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top