Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D
Tuesday, 17 June 2014 - 21:38
විශිෂ්ඨතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් හිරු ටී.වී. සම්මානයෙන් පිදුම් ලබයි.-වීඩියෝ
189

Shares
22,693

Views
බ්‍රිතාන්‍යයේ තොම්සන් පදනම මගින් වාර්ෂිකව පිරිනමන විශිෂ්ඨතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා වන සම්මාන සහතිකය දිනාගන්නට හිරු ටී.වී. සමත් වුණා. මෙරට විද්්‍යුත් මාධ්‍ය ආයතනයක් පළමු වරට දිනාගත් එම සම්මාන සහතිකය පසුගියදා පිරිනැමුණේ එංගලන්තයේ ලන්ඩන් නුවරදියි.

හිරු ටී.වී. ප්‍රවෘත්ති විකාශයේ සී.අයි.ඒ. විශේෂාංගය වෙත මෙම ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මානය හිමි වුණේ වනාතවිල්ලූව ග්‍රීන් ෆීල්ඞ් ඉඩම් වංචාව සම්බන්ධයෙන් සිදුකළ අනාවරණය වෙනුවෙන්. මාස 6 කට අධික කාලයක් ඒ සඳහා තොරතුරු එක්රැස් කෙරුණා. පසුව මෙරට සිදුවූ විශාලතම ඉඩම් වංචාවේ තොරතුරු මෙන්ම එහි මහ මොළකරු වන රොහාන් සමන් රත්නායක නීතිය ඉදිරියට ගෙන ඒමටද හිරු සී.අයි.ඒ. වෙත හැකියාව උදාවුණා.

දකුණු ආසියානු කලාපයේ විශිෂ්ඨතම ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා රූපවාහිනී අංශයේ සම්මානය හිරු ටී.වී. වෙත හිමිවූයේ තවත් එවැනි ගවේෂණාත්මක වාර්තාකරණයන් 250 කට අධික සංඛ්‍යාවක් අභිබවා යමින්. 1963 වර්ෂයේ අරඹා ඇති තොම්සන් පදනම දශක 5 කට අධික කාලයක් පුරා මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ කටයුතු සිදුකරන අතර ඒ සඳහා වූ ලොව ප්‍රථම පුණ්‍යාධාර පදනම ලෙසද සැළකෙනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top