Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.+-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D
Tuesday, 11 November 2014 - 18:53
හිරු ටී වී හොඳම ජංගම යෙදවුමට හිමි ලෝක සම්මානය දිනයි. -වීඩියෝ
2,286

Shares
274,346

Views
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට නිරතුරුව නවමු අත්දැකීම් එක් කරන හිරු ටී වී තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගයෙන් පැවැත්වෙන වර්ල්ඞ් සමිට් එවෝඞ් - 2014 හිදී මෙලෙස හිරු ටී වී ජංගම යෙදවුම සම්මානයට පාත්‍ර වූයේ ලොව නන් දෙසින් එක්වූ තරඟකරුවන්  500 කට ආසන්න ප්‍රමාණයක් අභිබවමින්.

සිය ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් නිරතුරුව සමීප කරන හිරු ටී වී එහි ජංගම යෙදවුම එළිදැක්වුණේ යූ ටියුබ් වෙබ් අඩවිය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී යෙදවුම ලෙසින්. ලොව පුරා ඇන්රොයිඞ් යෙදවුම් සියල්ලම ඇතුළත් ගූගල් ප්ලේ ස්ටෝර් හි ඉහළම ස්ථානයකට හිරු ටී වී යෙදවුම කෙටි කාලයක් තුළ පැමිණෙන්නේ බාගත කිරීම් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් එක් කරගනිමින්.

මෙම යෙදවුමේ ඇති සුවිශේෂීතාව හේතුවෙන්ම හිරු ටී වී ජංගම යෙදවුම වර්ල්ඞ් සමිට් එවෝඞ් - 2014 ජාත්‍යන්තර සම්මාන උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවා. ඒ, මෙරට අනෙකුත් ජංගම යෙදවුම් සියල්ලක්ම අභිබවමින්. එම තෝරාගැනීම සිදුකළේ වර්ල්ඞ් සමිට් එවෝඩ්  - 2014 හි මෙරට තාක්ෂණික ආයතනය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා තොරතුර හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන හෙවත් ICTA ආයතනයයි. එම ආයතනයේ මග පෙන්වීම මත හිරු ටී වී ජංගම යෙදවුම ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ විනිශ්චයට ලක්වනවා.  ඕනෑම ජංගම දුරකථනයක පහසුවෙන් හැසිරවීමේ හැකියාව, අතුරු මුහුණතේ ක්‍රියාකාරිත්වය, විශේෂාංග හා තාක්ෂණික යෙදවුම් යනාදිය විනිශ්චයට ලක්වූ කරුණුයි.

ඒ අනුව ජංගම දුරකථන යෙදවුම් 500 කට ආසන්න ප්‍රමාණයක් සමග තරඟ කරමින් හිරු ටී වී ජංගම යෙදවුම,  වර්ල්ඞ් සමිට් එවෝඩ් - 2014 හි හොඳම යෙදවුම බවට පත්වනවා.  ඒ, මෙම සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ එකම යෙදවුම වෙමින්.

මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරන ලෝටස් ටෙක්නොලජීස් ආයතනය මෙම ජාත්‍යන්තර සම්මානලාභී යෙදවුම බලගන්වන අතර මෙහි තාක්ෂණික සහකරු වශයෙන් ක්‍රියා කරන්නේ භාෂා ලංකා සමාගමයි.

ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජීස් ආයතනය හිමිකරගත් මෙම ජාත්‍යන්තර සම්මානය මෙරට ඩිජිටල් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තබන බව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය සුභාශිංෂන එක් කරමින් ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර ඩිජිටල් මාධ්‍ය ලෝකය තුළ ඉහළම ස්ථානයකට පැමිණීමට මෙම සම්මානය අපව නිසැකවම දිරිමත් කරනු ඇති බව රේනෝ සිල්වා මහතාගේ විශ්වාසයයි.

මේ අතර වර්ල්ඞ් සමිට් එවෝඞ් - 2014 සම්මාන උළෙලේ සභාපති පීටර් ඒ, බ්‍රක් පවසන්නේ දේශීය අවශ්‍යතා සඳහා දේශීය විසඳුම් සම්බන්ධ කෙරෙන මෙවැනි යුගයක තෝරාගෙන ඇති ජයග්‍රාහකයින් ඉතාමත් අනර්ඝ බවයි.

රටවල් 100 කට අධික සංඛ්‍යාවක යෙදවුම් 500 කට ආසන්න සංඛ්‍යාවක් අභිබවමින් මාධ්‍ය හා ප්‍රවෘත්ති අංශයේ හොඳම යෙදවුමට හිමි සම්මානය, ලබන මස අබුඩාබි හි පැවැත්වෙන වර්ල්ඞ් සමිට් එවෝඞ් - 2014 ජාත්‍යන්තර සමුළුවේදී හිරු ටී වී හිමිකරගැනීම, ශ්‍රී ලාංකීය ඩිජිටල් කර්මාන්ත ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීම නොඅනුමානයි.











මීට පෙර පල කළ පුවත් පහතින් බලන්න :


හිරු TV මොබයිල් යෙදවුම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගෝලීය සම්මානයකට නිර්දේශ වෙයි !

UPDATE : හිරු TV මොබයිල් ඇප්ස් යෙදවුම ජාත්‍යන්තරව හොදම මොබයිල් ඇප්ස් යෙදවුම් අතරට තේරී පත්වේ !

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top