මඩකලපුවේ මහ කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹේ.

Thursday, 29 January 2015 - 13:24

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%94++%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
මඩකලපුව දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. දිස්ත්‍රික්කයේ අක්කර එක්ලක්ෂ 50 000 ක පමණ වී වගා කර ඇති අතර ඒවායින් ඇතැම් වගාබිම්වලට ජලගැලීම් හේතුවෙන් ඉකුත් සමයේ හානි සිදුවුණා. කෙසේ වෙතත් සමස්තයක් ලෙස සැළකිය යුතු අස්වැන්නක් තවදුරටත් අපේක්ෂා කරන බවයි මඩකලපුව දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.