තේ අපනයන ආදායම පහතට

Tuesday, 03 March 2015 - 13:34

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
මෙරට තේ අපනයන ආදායම මේ වසරේ ජනවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් ගැටළුවලට මුහුණදීම ඊට හේතුවයි. රුසියාව සහ ඇතැම් මැදපෙරදිග රටවල් මෙරට තේ මිලදී ගැනීම පහත වැටීමක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණා. ජනවාරි මාසයේ මෙරට තේ අපනයනය ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ ගිය යද්දී අපනයන ආදායම පහත වැටීම ද විශේෂත්වයක්. ජනවාරි මාසයේ තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 2.6කින් ඉහළ ගොස් ඇති අතර, අපනයන ආදායම ඩොලර් මිලියන 4.1කින් පහත වැටී තිබෙනවා.