ක්‍ෂුද්‍ර මූල්‍ය විධිවිධාන පනත් කෙටුම්පත අධීක්ෂණයට

Thursday, 05 March 2015 - 20:04

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%85%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍ෂුද්‍ර වෘත්තිකයන්ගේ සංගමය විසින් කෙටුම්පත් කරන ලද ක්‍ෂුද්‍ර මූල්‍ය විධිවිධාන සහ අධීක්ෂණ පනත් කෙටුම්පත රජයේ දින 100 වැඩසටහනේ අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන මහ ජනතාවගේ නිරීක්ෂණ අදහස් සහ නිර්දේශ ලබාගැනීම සඳහා එම කෙටුම්පත ව්‍යාපෘති කළමනාකරන සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.pmm.gov.lk යන වෙබ් අඩවියේ පළ කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මෙරට ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත පුද්ගලයන් සඳහා බලපත් ලබාදීම සහ ලියාපදිංචි කිරීම මෙම කෙටුම්පතේ එක් අරමුණක් වන අතර එමගින් ග්‍රාමීය නාගරික හා වතු ආශ්‍රිතව පවත්වාගෙන යන ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර අධීක්ෂණය කිරීම සහ ශක්තිමත් කිරීමද සිදුවනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.