බ්‍රිතාන්‍ය සමඟ වෙළඳාම ඉහළට

Friday, 06 March 2015 - 19:59

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
බ්‍රිතාන්‍ය සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට දැන් වැඩි අවස්ථාවක් හිමි වී ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කළා. පසුගිය වසරේ ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය වෙත පවුම් මිලියන 1158ක අපනයන සිදුකර තිබූ අතර ඉන් පවුම් මිලියන 865ක්ම ලබාගෙන තිබුණේ ඇඟලූම් අපනයනවලින්. එසේම ශ්‍රී ලංකාව පසුගිය වසරේ බ්‍රිතාන්‍යයෙන් සිදුකළ ආනයනවල වටිනාකම පවුම් මිලියන 165ක්. දැනටමත් බ්‍රිතාන්‍ය සමාගම් 100කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සමඟ ආයෝජන කටයුතුවල නිරත වන බවයි මහකොමසාරිස්වරයා සදහන් කරන්නේ.