තෙල් මිල නගී

Sunday, 29 March 2015 - 13:37

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93
මැද පෙරදිග කලාපයේ  ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යාමක් පසුගිය සතියේ දක්නට ලැබුණා. විශේෂයෙන් පසුගිය බ්‍රහස්පතින්දා  බ්‍රිතාන්‍ය වෙළඳපොලේ තෙල් බැරලයක මිල සියයට 4 කින් ඉහළ ගිය අතර එම මිල දැන් සටහන් වන්නේ ඩොලර් 59 ක් ලෙසයි. ඇමරිකානු වෙළඳපොලේ බොරතෙල් මිලද ඩොලර් 51 යි සත 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යේමනයේ ගැටුම් හේතුවෙන් ඒඩන් බොක්ක සහ සූවස් ඇල ඔස්සේ වැටී ඇති ප්‍රධාන තෙල් සැපයුම් මාර්ගය අවදානමකට ලක්වීම තෙල් මිල ඉහළ යාමට  හේතුවයි. සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීම නිසා ලෝක වෙළඳ පොලේ රන් අවුන්සයක මිලද  ඩොලර් 1200 ඉක්මවා තිබෙනවා.